ලේකම්ගේට තායිවාන් රත්තරන් ගන්න සෙන්ටි මිටර් 20 ක් මදි වෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 09, කොළඹ LNW:

සෙන්ටිමීටර් 20 ක අඩුවක් නිසා නදීශා දිල්හානි ලේකම්ගේ ට තායිවාන් වීවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කමකට යාමට තිබුණ ඉඩ ඇහිරිණ.නදීශා සිය දෙවන වීසි කිරීම මීටර් 56.62 ක් දුරක පතිත කළ අතර ඉන්දීය ක්‍රීඩිකා අනූ රාණි මීටර් 56.82 ක් දුරකට හෙල්ල වීසි කරමින් එහි රන් පදක්කම දිනා ගත්තාය.


මූලික තරගවලදී හොඳම කාලය වාර්තා කළ චමෝද් යෝධසිංහ අවසාන තරගය නිමාවට පත් කළේ තෙවැන්නා ලෙසය.ඉතාම තියුණු තරගයක් වූ අවසාන තරගයේ දී කිසිවෙකු සිය මූලික තරගවල වාර්තා කරන ලද කාලයන් වාර්තා නොකළ අතර ඊට වඩා දුර්වල කාලයක් වාර්තා කිරීම කැපී පෙණින.අවසාන රේථාව තෙක්ම ඇදුණු අවසාන තීරණය විසදෙන්නට යෝධසිංහට මූලික තරගයේ තරමට වේගවත් ආරම්භයක් නොලැබීම ද යම් ආකාරයකට බලපාන්නට ඇත.කෙසේ වුවත් තත්පර 10.38 න් තරගය නිමා කරමින් යෝධසිංහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.


ලාබාල ලෙසඳු අර්ථවිඳු පිරිමි උස පැනීම තරයේදී මීටර් 2.05 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ හය වැනියා විය.එය ඔහු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී දැක් වූ දස්කමටත් වඩා අඩු එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...