ජනාධිපති සමාව අස්සේ මීට පෙර 68ක් පන්නලා. වෙසක් දිනයේ පැන්නූ ගාණ තවම හොයනවා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති පොදු සමාව යටතේ අනුමැතිය නොලද 57 දෙනෙකු 2024 නත්තලටත් තවත් 11 දෙනෙකු 2025 නිදහස් දිනයටත් බන්ධනාගරවලින් මුදාහැර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේය.

“මොවුන් මේ රජයේ ආයතන තුළ කුඩා අධිරාජ්‍යය හදාගන්නවා. ලොක්කෝ ඉන්නේ රාජාසනයේ. හරියට පාතාල කණ්ඩායම් වගේ. ස්වාමිනි, ප්‍රශ්නගත වෙසක් පෝය දවසේ ක්ෂේත්‍ර 04ක් යටතේ, රට වටේ තියෙන බන්ධනාගාර 28කින් ජනාධිපති පොදුසමාව දිය හැකි රැඳවියන් ගැන නිර්දේශ ඇවිල්ලා තියෙනවා. විත්තිකූඩුවේ සිටින මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත්, ජනාධිපති ලේකම් කර්යාලයටත් යොමුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට අනුමැතිය දුන් ලේඛනයේ තිබූ නම් 388 අතරේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිර්දේශ කරපු නම් 36ක ලැයිස්තුවක් තිබිලා තියෙනවා. නමුත් නිදහස ලැබූ ප්‍රශ්නගත රැඳවියාගේ නම මේ කිසිවක නැහැ. 2024 නත්තලට ජනාධිපති පොදු සමාවට අනුමැතිය නොලද 57 දෙනෙකුත් මුදාහැර තිබෙනවා. 2025 නිදහස් දිනයේ පොදු සමාවට අනුමැතිය නොලද 11ක් මුදාහැර තිබෙනවා. වෙසක් දවයේ එහෙම මුදාහැරපු ගාණ හරියටම කීයද කියලා තාම සොයනවා. මේ සියල්ල සිද්ධවෙන්නේ විනිසුරුවන්ගේ නියෝගයෙන් නොවෙයි. අර මම කියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ රජ්ජුරුවන්ගේ නියමයෙන්. ලක්ෂ 25, 20 දඩ ගෙවාගන්න නොහැකිව සිරගත වූ රැඳවියන් හොරෙන් මේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත් වෙනවා.”

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව පැවසුවේ වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...