යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

Date:

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය විසින් මුල පුරන පළමු යුධ අපරාධ නඩුව ඊයේ දිනයේ විභාගයට ගැනිණ.ඒ අනුව කිව් අගනුවරදී මූලික නඩු විභාගයට ලක් කරනු ලැබුවේ වදීම් ශිෂිමාරින් නමැති රුසියානු සොල්දාදුවෙකි.

ඔහු 21 හැවිරිදි ය.

නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව නගා ඇත.

හොරකම් කළ වාහනයක නැගී අනෙක් සොල්දාදුවන් සමග යමින්, ඊශාන දිග සුමී පළාතේදී ජංගම දුරකථනයකින් කතා කරමින් මහ මග යන 62 හැවිරිදි පාපැදිකරුවෙකු ඔවුන් විසින් ඝාතනය කර තිබෙන බව කියැවේ.

අභිචෝදකයන්ට අනුව, සිය පිරිස අමතමින් ඔහු පාපැදිකරුවාට වෙඩි තබන ලෙසට නියෝග කර තිබේ.

ඒ, යුක්රේන පාර්ශවයට තමන් සිටින ස්ථානය මෙම පුද්ගලයාගෙන් ලැබෙන තොරතුරු මත සොයාගත හැකි වේ යැයි සැක කරමිනි.

වදීම් ව අල්ලාගත් ආකාරය සහ ඔහුට එරෙහිව පවතින සාක්ෂි තවම හෙලිදරව් වී නැත.

රුසියාව, තමන් සිවිල් වැසියන්ට පහර දුන් බව එක හෙළා ප්‍රතික්ෂේප කරන අතර, මෙම නඩු විභාගය පිළිබඳ මේ දක්වා අදහස් පළ කර නැත.

යුක්රේනය පවසා තිබෙන්නේ රුසියාව විසින් මෙම යුද්ධයේදී යුක්රේනයට විරුද්ධව සිදුකළ යුධ අපරාධ දහස් ගණනක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...