වයසට යෑම ….

Date:

මා දැන් සතුටුවන්නේ
පෙම්වතුන් හඹා යෑමෙන් නොවේ.
රෑ පුරා නිදිවරා
පෙම්පත් ලිවීමෙන් නොවේ.
කුඩා අඬ දබර වලින්
දිවි නසා ගන්නා මනසින් නොවේ.
මුහුණේ කුඩා බිබිලකින්
තැති ගන්නා යුගයකද නොවේ.

ලිහිල් ඇඳුමින් සැරසීම
ඉහිල් මනසින් පිබිදීම
සියුම් දේවල්වලින් සැනසීම
කුහුල් සිතකින් නොපෙලීම
වයසට යෑම යැයි ඔබ කියයි නම්
ඒ ගැන පවා තුටුවීම .

පිඟානේ කෑමට යමක් ඇත්නම්
අල්මාරියේ ඇඳුමක් දෙකක් ඇත්නම්
දෙපාවල අධික රිදුමක් නැත්නම්
වියදමට අතේ මුදලක් ඇත්නම්
වාරුවෙන්නට කෙනෙක් ඇත්නම්
ජීවිතය එතරම් දුක්බර නොවේ.
වයසට ගොසින් යැයි ඔබ නැවත කිව්වත්
ඒ ගැනත් අහිතක් නොවේ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත්...