විදුලි ගාස්තු ඉහළට! වැඩි වන මිල ගණන් හෙට සිට ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW: 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව එය හෙට සිට ක්‍රියාත්මකයි.

වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු 18.3% කින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි මහජන උපයෝගී කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසුවේ 15%කින් ගාස්තු ඉහළ දැමීම සාධාරණ වැඩි කිරීමක් බවයි.

මේ අතර ඒකක 30 අඩු පරිභෝජනයක් සහිත විදුලි පාරිභෝගිකයින්ට වැඩිවන්නේ රුපියල් 20ක් වන බවත් ඒකක 60ට අඩු අයට වැඩිවන්නේ 85ක් බවත් එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම ආගමික ස්ථානවල විදුලි බිලේ වැඩි වීමක් සිදුනොවන අතර කර්මාන්ත සඳහා විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියලකින් බව අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...