බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.

මෙම පත්කිරීම අධිකරණ අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති බව සඳහන් වේ.