අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

Date:

සටහන – පුලී
ජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 අහමදාබාද් ගුවන්තොටුපළ අසල සිදුවූ මාරාන්තික ගුවන් අනතුරින් මේ වනවිට මගීන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක වාර්තා පෙන්වා දෙයි.

බ්‍රහස්පතින්දා(අද) අහමදාබාද් සිට ගුවන්ගත ව මගීන් 242 දෙනෙකු සමඟ ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වූ අතර ගුජරාට් හි හිටපු මහ ඇමති විජේ රූපානි ද එහි සිටි මගීන් 232 දෙනා අතර සිටි අතර, නිලධාරීන්ට අනුව, අනතුරින් ඔහු මියගිය ඇති බව ද පැවසේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) ෆයිස් අහමඩ් කිඩ්වායිට අනුව, බෝයිං B787 ගුවන් යානය පස්වරු 1:38 ට ගුවන් ගත වී මිනිත්තු පහක් ඇතුළත අහමදාබාද් ගුවන් තොටුපළට ආසන්නව මේඝානිනගර් ප්‍රදේශය අසලදී කඩා වැටී තිබේ.

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි පුරවැසියන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව ගුවන් සේවය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත ප්‍රවාහනය කරමින් පවතී.

https://youtu.be/pRp_i6bxwWA?feature=shared


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...