කොළඹ පොසොන් කලාපයට සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරති!

Date:

කොළඹ LNW:ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ පොසොන් කලාපයට පැමිණෙන සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා දඹදිව සාංචි චෛත්‍ය සංකීර්ණයෙන් හමු වූ සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේ පූජෝපහාර ප්‍රදර්ශනය ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයේ දී සිදුවිය.

කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ වැඩ සිටින අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,සාංචි චේතියගිරි විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අලංකාර රිය පෙරහැරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සුවිශේෂ ආරක්ෂාවක් සහිතව ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයට වැඩම කරවනු ලැබූහ.

එහි දී විහාරාධිපති කොළඹ කඩවත් සතර ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වැලිගල්ලේ පඤ්ඤාලෝක නා හිමියන් සහ විහාරාධිකාරි ඔක්කම්පිටියේ රාහුල හිමියන් ප්‍රමුඛ දායක සභාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධ කරන ලේකම් ධම්මිත දසනායක මහතා විසින් පිළිගනු ලැබීය.

විහාරස්ථ සුවිශේෂ සුගන්ධ කුටියේ තැන්පත් කරන ලද අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාට ප්‍රථම පුෂ්පෝපාහාර සහ ගිලන්පස බුද්ධ පූජාව සැදැහැවතුන් විසින් තැන්පත් කරනු ලැබීමෙන් පසු බැතිමතුන්ට අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වන්දනා මානකිරීමට අවස්ථාව සැලසිණි.

සාංචි චේතියගිරි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියන්ගේ සහ බානගල උපතිස්ස පරිවේනාධිපති පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමියන්ගේ පූර්ණ ආරක්ෂක අධීක්ෂණය යටතේ මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පූජෝපහාර ප්‍රදර්ශනය ජුනි මස 10,11සහ 12 යන තෙදින පුරා මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයේ දී පැවැත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ් අතපත්තු මහතා ද එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

නදීශා මූලික වටයෙන්ම ඉවතට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...