කොළ නිවාඩුව

Date:

කඳු මුදුන් ඉස්මත්තෙ
කොළ හැලුණු රබර් ගස්
ඇසේ තතනනු දුරට
අලුත් දළු ලියලන්න
ප්‍රශව වේදනාවෙන්
විඳින අඟනුන් විලස

හැලුණු කොළ සුළඟ සහ
හැම තැනම කසු කුසුව
දුර ඈත කොහේ හරි
වන්දනාවක යන්න

වැහි බිංදුවක් පතා
දෑත් ඉහලට නගා
නිබඳ දෙවියන් යදින
වියළි දර දඬු ඉපල්
කුරුලු පැටවුන් වඩා
උන් විඳින දුක කියති

රබර් ගස් වල ළදළු
බිළින්දන් මෝරන්න
වියලි ගස් සිරුරුවල
ලේ කිරට බේරෙන්න
ලැයින්වල දරුවන්ගෙ
කුස ගින්න සේදෙන්න
කොළ නිවාඩුව ගෙවී
වසන්තය යලි එන්න

  • ජයවඩු විතාන
    කළාලයක් වියමුව අපි පද්‍ය සංග්‍රහය
    1984

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...