මැදවච්චියේ සභාපති මාලිමාවෙන්, උප සභාපති පොහොට්ටුවෙන් !!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගය විසිනුත් උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනුත් හිමිකර ගෙන තිබේ.

ඒ, ඊයේ (13) පැවති ඡන්ද විමසීමේදී ය.

සභාපති ධුරය සඳහා පැවති රහස් ඡන්දයේදී වැඩි ඡන්ද එකකින් ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග ජයග්‍රහණය කළ අතර උප සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රංගන සෝමදාස ජයග්‍රහණය කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 10ක් ජාතික ජන බලවේගයට ලැබී තිබුණු අතර සමගි ජන බලවේගයට 6ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2ක්, සර්වජන බලයට 2ක් සහ පොදුජන එක්සත් පෙරමුණට 1ක් වශයෙන් බෙදී ගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...