අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...