“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

Date:

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල් පනහක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අවසර ලබාදුන්නේය.

කෙසේවෙතත් මෙම සිද්ධියේදී යම් පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට අයුතු ලාභයක් ලැබී, දූෂණයමය වරදක් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට හා සීනි බදු අඩු කිරීම තුළින් අල්ලසක් හෝ වෙනත් ගනුදෙනුවක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කර අනාවරණය කරගත යුතු බවටද නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, මෙම සිද්ධියේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙන්නේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදුකිරීමට හැකියාව තිබෙන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

2020 ඔක්තෝබර් 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුව ඇති බව එවකට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසින් පැවසූ අතර ඔවුන් විසින් මෙය හඳුන්වන ලද්දේ “මහා සීනි බදු වංචාව” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඉහත විමර්ශනය සිදුකෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...