“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :

ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික පීඩා වලට ගොදුරු වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලයේ වාර්තා වූ අතර මෙම තත්ත්වය මගහරවා ගනිමින් ළමයින් සුරක්ෂිත කිරීම සමාජයේ වගකීමක් ලෙසද කාලීන අවශ්‍යතාවයක් බවද සලකමින් ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට “Child First” නමින් නව ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාවට නංවා ඇත.

“ළමයාගේ ආරක්ෂාව භාරකරුවන්ගේ වගකීමයි” යන තේමාව අරමුණු කර ගනිමින් ළමුන්ගේ භාරකාරිත්වයේ කුසලතා හා වගකීම පැහැදිලි කරමින් ළමුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ ඔස්සේ කටයුතු අරඹා ඇත.

මෙහි පළමු වැඩසටහන ගල්කිස්ස පොලිස් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේදී පවත්වන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට මොරටුව මහා විද්‍යාලයේ සිසුන් හා දෙමවුපියන් 700 ක පමණ පිරිසක් සහභාගී වූ අතර එහිදී කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා හා දර්ශනය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මිය විසින් දරුවන් හා දෙමවුපියන් අතර සම්බන්ධතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් හරවත් දේශනයක්ද සිදු කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...