පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

Date:

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ ක්‍රීඩා සමජ අතර පන්දු වාර 20 -20 තරගාවලියේ අවසාන තරගයට සීසීසී කණ්ඩායම සහ පානදුර ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව ජූනි 15 දා සීසිසී ක්‍රීඩාංගණයේ දි කණ්ඩායම් දෙක සූරයන් තීරණය කරන සටනට පිවීසීමට නියමිතව තිබෙනවා.තරගාවලිය පුරා පෙරළි කළ පානදුර සංයුතිය අවසන් තරගයේදී අවසන් තරග මානසිකත්වයට ප්‍රබල සීසීසී කන්ඩායමට එරෙහිව මුහුණ දෙන ආකාරය අනුව තරගකාරීත්වය ඉහළ යනු ඇති තරගයට කාලගුණය හරස්වීමක් නොකරන්නේනම් මෙය ක්‍රිකට් ලෝලීන්ට ඉහළ වින්දනයක් ලැබෙන තරගයක් වනු ඇති බව නිසැකයි.ඒ උණුසම සජීවීව විඳ ගන්නද අවස්ථා සළසා ඇති අතර එය නැරඹීමට හැකි ආකාරය පහතින් දක්වා තිබෙනවා.


ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සීසී කණ්ඩායම මුවර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී යම් අභියෝගයකට මුහුණ දුන්නේ වර්ෂාව නිසා පන්දු වාර 8 ට සීමා වූ තරගයේ පළමුවට පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 86 ක් රැස් කරනු ලැබුවා.ඒ අනුව සසීසී ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා ලකුණු 10 වැඩි ප්‍රමාණයක් පන්දු වාරයකට ලබා ගැනීමට සිඳු වණා.
එහෙත් අභියෝගයට සාර්ථකව මුහුණ දුන් සීසීසී ක්‍රීඩකයින් ලකුණු 86 ක් ලබා ගැනීමට ගත කළේ පන්දු වාර 6.4 ක් පමණයි.එහිදි නිශාන් මධුශ්ක විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින් පන්දු 20 දී රැස් කළ ලකුණු 47 සහ චතුරංග සිල්වා පන්දු 12 දී රැස් කළ ලකුණු 30 ජයග්‍රහණයේ ප්‍රධාන සාධක ලෙස ගත හැකියි.කඩුලු දෙදක් දැවී ලබා ගත් ලකුණු 86 සමඟ සීසීසී ය අවසාන තරගයට කඩුලු 8 ක ජයක් ලබා ගනිමින් පිවිසෙන්නට සමත් වෙනවා.


පෙරළිකාරම ජය ලබමින් අවසාන තරගයට පිවිසෙන්නට පානදුර ක්‍රීඩා සමාජය සමත් වුණා.ඔවුන් මේ තරගාවලිය පුරා කැපී පෙණෙන දස්කම් දක්වමින් තරගාවලිය පුරාම සිය දස්කම් මනාව කළමණාකරනය කර ගනිමින් තරග ජය ගැනීමට සමත් වුණා.තරුණ සංයුතියක් සහිත පානදුර කණ්ඩායම වෙනුවෙන් අවසාන පූර්ව තරගයේදී ත් කැපී පෙණෙන ඉණිමක් දියත් කළ විශේන් හැළඹගේ පන්දු 26 දී ලකුණු 55 ක් රැස් කරනු ලැබුවා.නිමේෂ් විමුක්ති ලකුණු 43 ක් සහ නායක දුෂාන් හේමන්ත ලකුණු 21 ක් රැස් කරනු ලැබුවා.


ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ කළ පන්දු යවන්නන් සිටියත් පානදුර කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්නට එය ප්‍රමාණවත් වූයේ නැහැ.පිළිතුරු ඉණිමේ දී එන්සීසී ක්‍රීඩා සමාජයට පානදුර කණ්ඩායම කඩුලු 7 ලැබූ ලකුණු 165 ලබා ගැනීමට පන්දු ඕවර් 20 මෙන්ම වර්ෂාව අභිබවා යමේ අභියෝගයද එල්ල වුණ අතර එහිදී පන්දු ඕවර් 12.5 ක් ගෙවෙන තැන එන්සීසි ක්‍රීඩා සමාජය ලබා සිටියේ කඩුලු 7 ක් දැවී ලකුණු 72 ක් පමණයි.ඒ අනුව පානදුර කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48 ක ජයක් හිමි වුණා. එන්සීසි කණ්ඩායම මුහුණ දී සිටි තත්ත්වයෙන් හොඳින්ම ප්‍රයෝජන ලබා ගත් පන්දු යවන්නා වූයේ පානදුර කණ්ඩායමේ විශ්ව ලහිරු කුමාරයි.වමතින් දඟ පන්දු යවන ඔහු ලකුණු 12 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.


ඡායාරූපවලින් දැක්වෙන්නේ පානදුර කණ්ඩායම අවසාන තරගයට ගෙන ඒම සඳහා නියමු කාර්යයක් පන්දුවෙන් කළ විශ්ව ලහිරු කුමාර සහ පිත්තෙන් කළ විශේන් හෑලඹගේ යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...