දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)

Date:

මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.

අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ එම පරීක්ෂණ සිදුකරන ආකාරය අනුව ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවයි.

ගෝල්ෆේස් සාමකාමී විරොධතාකරුවන්ට ප්‍රහාර එල්ලකළ මැරයන් ආරක්ෂාකරන එම ක්‍රියාමාර්ග ජනතාව අනුමත නොකරන අතර පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ප්‍රහාරය එල්ලකිරීම, පුටුවලින් පහරදීම, සම්බන්ධ වීඩියෝ පට මුළු ලෝකයම දුටු නමුත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”රනිල් වික්‍රමසිංහ අගමැති කළා කියලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය විදිහට අපි ජනාධිපතිවරයාට බලකරන්නේ ගෝල්ෆේස් පිටියට මැර ප්‍රහාරය එල්ල කළ මහමොළකරු ඇතුළු සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අනිකුත් සියලු සිදුවීම්වලට අදාළ අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න කියලයි. දේශබන්දු තෙන්නකෝන්ව වහාම මේ පරීක්ෂණ වලින් පැත්තකින් තියන්න. එයාව මේකේ මුදුනා කරගෙන පරීක්ෂණ කරලා වැඩක් නැහැ. එයා වගකියන්න ඕනේ බස්නාහිර පළාතේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට. එයාටම දෙනවා නම් මේ ගැන පරීක්ෂණ කරන්න එතැනදී සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අනිත් කෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිලකරත්න මහත්මයා,ඔහු කවුද කොහොමද එතනට ආවේ කියන එක රටේ ජනතාව දන්නවා. එවැනි පුද්ගලයන්ගෙන් මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.”

එම නිසා සාධාරණය ඉටු කළ හැකි විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රමවේදයක් වහාම අනුගමනය කළ යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...