ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ පක්ෂවල දේශපාලනඥයින් සියලුදෙනාම සිරගත කෙරෙන බවත් මැතිවරණයට තරග කිරීමට ජාතික ජන බලවේගය හැර කිසිවෙකුත් ඉතිරි නොවන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ප්‍රාදේශීය සභාවල බලය අල්ලනවා එකතුවෙලා කියලා, එකතුවෙලා ඉතින් ඕක අල්ලාගෙන ඉන්නයි තියෙන්නෙ. වෙන මොකුත් කරන්න බෑ. ලබන මැතිවරණය වෙනකොට ඔය මහත්තුරු ඔක්කොම ඇතුළේ. කවුරුත් ඉතුරු වෙන්නෑ ඡන්දෙ ඉල්ලන්න. අපෙ වුවමනාවට යනවා නෙවෙයි, නඩු අහලා වැරදිකරු වෙනවා. දැන් දෙකක් ගියා අවුරුදු විස්ස – විසිපහ. බයවුණ තරම කොච්චරද කියනවා නම් පක්ෂ හතරම එකතුවෙලා තීන්දුවක් ගත්තා අපි ඔක්කොම එකතුවෙලා ප්‍රාදේශීය සභා හදනවා කියලා. පක්ෂ හතර නෙවෙයි අටක් එකතුවෙලා බලපෑම් කළත් යවන එක යවනවා ඉදිරි අවුරුදු හතර තුළ මහ උළු ගෙදර, මේ රටේ ජනතාවගේ දේපළ හොරකම් කරපු අයව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...