අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...