අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

Date:

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ අවස්ථාව එජාප ජාතික සංවිධායක සාගල රත්නායක විසින් අවසන් මොහොතේදී කඩාකප්පල් කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

සාගලගේ නිවසේ අද (16) උදෑසන පැවති කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මුලින් එකඟ වී ඇත්තේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ය.

කෙසේවෙතත් අවසන් මොහොතේදී, නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම අද දවසේදී සිදුකිරීම හොඳ නැති බව ප්‍රකාශ කර ඇති සාගල රත්නායක, එම ඡන්ද විමසීම මීළඟ සභාවාරයේදී පැවැත්වීමට යෝජනා කළයුතු යැයි පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔහු මෙසේ සිදුකර ඇත්තේ කිත්සිරි රාජපක්ෂට හිතවත් මන්ත්‍රී කණ්ඩායම අධෛර්යයට පත්කිරීමේ අරමුණින් යුතුව බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා තමන්ට හිතවත් මන්ත්‍රීවරියක් පත්කර ගැනීමට සාගල රත්නායක උත්සාහය නියැළී සිටින බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...