මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW :

අද (16) දින රත්නපුර මහ නගර සභාවේ සහ දඹුල්ල හා කල්පිටිය යන ප්‍රදේශිය සභාවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්වුණි.

රත්නපුර මහනගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත්වූයේ ඡන්ද 14ක් හිමි වීමෙන් පසුව වන අතර, විපක්ෂයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයාට හිමිව තිබුණේ ඡන්ද 12ක් පමණයි.ඒ අනුව ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබීය.

තවද, දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න අද තෙරී පත්වුණි. ඒ අද පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනාගනිමිනි. විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර ඉන් පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂයාට ඡන්ද 6ක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමිව තිබුණි.

අද (16) දින ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණි.

අද පෙරවරුවේ පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 16ක් දිනාගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරු මොහොමදු ආසික්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 15ක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...