මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW :

අද (16) දින රත්නපුර මහ නගර සභාවේ සහ දඹුල්ල හා කල්පිටිය යන ප්‍රදේශිය සභාවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්වුණි.

රත්නපුර මහනගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත්වූයේ ඡන්ද 14ක් හිමි වීමෙන් පසුව වන අතර, විපක්ෂයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයාට හිමිව තිබුණේ ඡන්ද 12ක් පමණයි.ඒ අනුව ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබීය.

තවද, දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න අද තෙරී පත්වුණි. ඒ අද පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනාගනිමිනි. විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර ඉන් පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂයාට ඡන්ද 6ක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමිව තිබුණි.

අද (16) දින ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණි.

අද පෙරවරුවේ පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 16ක් දිනාගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරු මොහොමදු ආසික්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 15ක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...