සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය අඛණ්ඩව සිවුවන දිනටත් දෙරට අතර ප්‍රහාර එල්ල කරගනිමින් සිටින බව වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් මේ වන විට ටෙහෙරානයේ ගුවන සම්පුර්ණයෙන්ම සියතට ගෙන ඇති බව එරට හමුදාව තහවුරු කර ඇති අතර පසුගිය සතියේ අගභාගයේදී ඔවුන්ගේ මූලික ප්‍රහාරය දියත් කළ දා සිට ඊශ්‍රායල හමුදාව ඉරානය සතුව ඇති මුළු මිසයිල සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වන මිසයිල දියත් කිරීම් 120 කට වඩා විනාශ කර ඇති බව පවසයි. එමෙන්ම මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් හි ආසන්න වශයෙන් හමුදා ඉලක්ක 100 ක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර රැල්ලක් ද දියත් කර තිබු අතර මිසයිල ගබඩා පහසුකම්, දියත් කිරීම් සහ අණදෙන මධ්‍යස්ථානවලට පහර දීම සඳහා ප්‍රහාරක ජෙට් යානා 50ක් යොදවා තිබිණි.

පසුගිය සිකුරාදා(13)සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.

ඉරානය එක රැයකින් ගුවන් ආරක්ෂණ පද්ධතිය විනිවිද යවමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්, හයිෆා සහ අනෙකුත් නගරවල නේවාසික දිස්ත්‍රික්කවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහල ගොස් 300කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සියලු ඉරාන ජාතිකයන්ගෙන් ඉල්ලා තිබුණේ, එකට සිටගෙන, නොපසුබටව සිට, ඉරානය යටත් කරන සාපරාධී ආක්‍රමණයට මුහුණ දෙන ලෙසයි. ඊයේ(15) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා අවලංගු කිරීමෙන් පසුව, න්‍යෂ්ටික සාකච්ඡා දිගටම කරගෙන යාමට නම් ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකින ලෙස ඉරානය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...