හරීන් සහ මනූෂත් අගමැති රනිල්ට සහය දෙන්න තීරණය කරයි!

Date:

සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

ඒ අනුව අගමැතිවරයාට සහය පළකිරීමේදී කොන්දේසි කිහිපයකට යටත්ව සිදුකරන බවද ඔවුන් කියා සිටියි.

1.සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ”ගෝඨා ගෝ හෝම්” යතාර්ථයක් කරනු පිණිස ඔබ විසින් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනිමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද ? ඒ සදහා නිශ්චිත දින සහ වකවානු කවරේ ද ?

2.රාජපක්ෂවරු රැකිමට කොළඹට පැමිණ රට ලේ විලක් කළ රාජපක්ෂ කලහාකාරීන්ට මෙන්ම ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙනුවෙන් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග මොනවාද ?

3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනම් කිරීම.

4.රට අරාජික වීමට මූලාරම්භය වූ සහ අසමත් පාලනයක් මේ රට තුළ බිහිවීමට බලපෑ පාස්කු කුමන්ත්‍රණයට සම්බන්ධ වූ චූදිතයින්ට එරෙහිව කඩිනම් නීතිමය පරීක්ෂණයක් පැවැත්වීම,වැරදි කරුවන්ට දඩුවම් කිරීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ අවශ්‍ය නම් අපක්ෂපාති ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම .

  1. මෙරට අරාජිකත්වයට පත්වීමට හේතු වූ මුල්‍යමය සහ අනෙකුත් වංචාවන්ට සම්බන්ධ වූ රාජපක්ෂවරු සහ ඔවුන්ට සම්බන්ධ සියලුම පුද්ගලයින්ගෙන් එම මුදල් අය කර ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
  2. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලුම ක්ෂේත්‍ර උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.
  3. රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම ඇතුලුව අනීතික සහ අසාධාරණයට ලක් වූ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් පිළිබදව ගන්නා වූ තීරණයන්.

යන කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන අතර එම කොන්දේසිවලට අනුකූලව අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් සහය පළකිරීමට සූදානම් බවත් උක්ත මන්ත්‍රීවරුන් දන්වා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...