Volker Turk ලඟදීම දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :

තෙදින නිල සංචාරයක් සඳහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ලබන 23 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙලෙස මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් දිවයිනට පැමිණෙන්නේ 2015 වසරෙන් පසුව බව පැවසේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ , පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවාහිදී හමුවී සිදුකළ ආරාධනයකට අනුව කොමසාරිස්වරයා මෙරටට පැමිණීමට නියමිත බවයි.

එම නිල සංචාරයේදී වෝල්කර් ටර්ක් මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් හමුවීමට නියමිතව ඇති අතර, නිල සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය, ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

තවද, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk  මහතා මෙරට සංචාරය අතරතුර, මානව හිමිකම් පිළිබඳ විශේෂ සැසිවාර කිහිපයකට සහභාගි වීමටද නියමිතයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...