ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ හිරවෙලා – නැවත රටට ගෙන්වන්න පුළුවන්ද? බැරිද? – අලුත්ම තත්ත්වය මෙන්න!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව මෙන්ම රැකියා සුරක්ෂිත බවට තහවුරු කිරීමට අදාළව පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වන විට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින අතර තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට ලාංකිකයින් 4දෙනෙක් තුවාල ලබා තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා ලබා දී ඇති බවත් 24 පැයම තානාපති කාර්යාලය එරට රැඳී සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ව්‍යාපාර සඳහා එරටට ගිය කිහිපදෙනෙක් අතරින් දෙදෙනෙක් ලංකාවට නැවත පැමිණීමේ අවශ්‍යතාව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද විජිත හේරත් මහතා පැවසුවේය.

”රැකියා සඳහා ගිහින් ඉන්න අය එන්න ඕනේ කියන්නේ නැහැ. එහෙ තියෙන ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරල ආරක්ෂක ක්‍රියාමර්ග අනුගමනය කරමින් තියෙනවා. තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීම් කරනවා. යුද්ධය තවත් තීව්‍ර වුණොත් ආසන්න රටවලට ගුවන් යානා යවල ශ්‍රීලාංකිකයින් ගෙන්වන්න දැනටමත් කටයුතු සූදානම් කරමින් ඉන්නවා.

ඊශ්‍රායලයෙන් නිවාඩු ඇවිත් ඉන්න අයට කියන්නේ. මේ වෙලාවේ ආපහු යන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඊශ්‍රායලයට යන එක අවදානම් සහිතයි. යුද්ධය අවසන් වුණාට පස්සේ යන්න පුළුවන්. ඒ අයගේ වීසා කාලය දීර්ඝ කරන්න තානාපති කාර්යාලය හරහා දැනටමත් මැදිහත් වෙනවා. නමුත් ඊශ්‍රායලයේ කිසිදු රාජ්‍ය ආයතනයක් දැන් වැඩකරන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ගෙවල්වල ඉඳල තමයි ඒ කටයුතු කරන්නේ. විශේෂයෙන් මේකට මැදිහත්වෙන්නේ ඊශ්‍රායලයේ ටීබා ආයතනය. ටීබා ආයතනය දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය දීර්ඝ කරන්න අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නම් කියල.”

ඒ අනුව යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අමාත්‍යාශය නිරත්නර අවදියෙන් සටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...