රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්‍රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

මහර නැළිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හේවා විතාරණ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1987 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ රවින්ද්‍ර හේවාවිතාරණ 1988 සිට කොළොන්න හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර, පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කර ඇත. එසේම ඔහු ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙසද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඉන්පසු රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පටිසෝතගාමී සංචාරකයෙකු ලෙස හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනමූල සංවර්ධන සාධකයක් ලෙස ගොඩනැගීමට ඉමහත් වෙර ගත් පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනකු අතර ඔහු ප්‍රචලිතය.

මෙම ග්‍රන්ථය පිළිබඳ සංවාද කතිකාවට ප්‍රවීණ ලේඛක චුලානන්ද සමරනායක, රාජ පරිපාලන සේවයේ ජේෂ්ඨයෙකු වන සුදත් රණුග්ගේ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක එක්වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...