නියෝජ්‍ය කථානායක පත්කිරීමෙන් පොහොට්ටුව අගමැතිට දුන් පණිවිඩය …

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මෙවර කාන්තාවක් පත්කර ගැනීම සුදුසු බව රනිල් වික්‍රමසිංහ මහතාම පසුගිය දිනක ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ශ්වයෙන් රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කෙරුණු අතර මීට දින කිහිපයකට පෙර සිටම එය ප්‍රසිද්ධියට පත් කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් ද නමක් යෝජනා කෙරෙන බවක් මුලින් කියැවුණු නමුත් දේශපාලන ක්ෂේත්‍රය තුළම කතාව පැතිරගොස් තිබුණේ නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් ඡන්ද විමසීමකට නොයා රෝහිණී කවිරත්න මහත්මියට එම අවස්ථාව ලබාදීමට කටයුතු යෙදෙනු ඇති බවට ය.

කෙසේවෙතත් අවසන් මොහොතේදී පොහොට්ටුව කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෙර යෝජනාවත් නොතකා කාන්තාවකට එරෙහිව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජපක්ෂ නාමයම ඇති මන්ත්‍රීවරයෙකු තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඡන්දයකට ගොස් ඔහුව නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම ය.

ඒ අනුව පොහොට්ටුව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇති බව පෙනේ. ඒ, තමන්ට අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඔහුවත් ඉවත් කළහැකි බවය. වැඩිදුරටත් පැහැදිලිව කියන්නේ නම් තමන්ගේ මඩ, කුණු සෝදවා ගත් පසුව වික්‍රමසිංහ මහතාවත් එළවා දැමීමට තමන් සූදානම් ය යන පණිවිඩය ලබාදුන් බවක් පෙනේ.

පාර්ලිමේන්තුව තුළ පොහොට්ටුවේ ඔළුගෙඩි සෙල්ලම කරගෙන යන නූල් සූත්තරකාරයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ය. ඒ අනුව මේ ක්‍රියාවත් ඔහුගේ අනුදැනුම මත සිදුවූවක් බව පැහැදිලි ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...