යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට 

Date:

මෙවර යූරෝවිෂන් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූයේ යුක්රේනයයි.රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර තිබෙන අතරවාරයේ යුක්රේනයේ කලූෂ් වාද්‍ය වෘන්දය විසින් ‘ස්ටෙෆනියා’ නමැති අති වර්ණවත් ලෙස ඉදිරිපත් කළ ප්‍රාසාංගික අංගය ලකුණු පුවරුවේ සටන් වූයේ ජයඝෝෂා සහ ප්‍රීතිඝෝෂා මැදිනි.

තවද, එක්සත් රාජධානිය සහ ඉතාලිය ද පරාජය කරමිනි.

මේ ‘කලූෂ්’ ජන සංගීත කණ්ඩායම, මේ මහා තරගයට සති කිහිපයක් තිබියදී පෙර පුහුණුවීම් කරනු වෙනුවට සිය ජීවිතය බේරාගැනීම උදෙසා පළා යාම අරඹා තිබිණි. ඒ, රුසියානු ප්‍රහාරකයන්ගෙන් දිවි ගළවා ගැනීම සඳහා ය.

එසේ තිබියදීත් ඔවුන් විසින් යුක්රේනයේ ජන ජවය කදිමට වේදිකාව මත විද්‍යමාන කර තිබිණි.

මේ අතර, යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පෑමක් ලෙස මෙවර යූරෝවිෂන් සංගීත තරගයෙන් රුසියාව ඉවත් කිරීමට ද සංවිධායකයන් කටයුතු කර තිබිණි.

එක්සත් රාජධානියේ සෑම් රයිඩර්, වසර 20 කට පසුව යූරෝවිෂන් තරගයක පළමු තුන් දෙනා අතරට පැමිණීමද මෙවර තරගයේ විශේෂ අවස්ථාවක් විය.

කලූෂ් ජන සංගීත කණ්ඩායම වේදිකාව වර්ණවත් ලෙස දෙවනත් කළේ රැප් කළ ජන ගීයකිනි. එම ස්ටෙෆනියා ගීතය ලංකාවේ ද ඇතුළු රටවල් ගණනාවක ජනප්‍රිය ටියුනයකි.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ වියජග්‍රහාහී ඉදිරිපත් කිරීමයි. දින 2 ක් ඇතුළත මෙම යූ ටියුබ් වීඩියෝව මිලියන 12 ක් දෙනා විසින් නරඹා තිබේ.

Ukraine wins Eurovision Song Contest after performance by Kalush Orchestra

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...