කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත “ඉමියුනොග්ලිබියුලීන්” එන්නත්වල කිසිදු ඖෂධයක් නොමැති බවත් එහි මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් අඩංගු බවත් ජර්මනියේදී සිදුකළ රසායනාගාර පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා ය.

එමෙන්ම ඒ සමයේ පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ලද “රිටුක්සිමැබ්” නම් එන්නත්වල අඩංගු වී තිබී ඇත්තේ ලුණු වතුර බවත් එම රසායනාගාර පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ.

“ස්වාමීනි, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මනියේ රසායනාගාර පර්යේෂණ ආයතනයක් විසින් කළ පර්යේෂණ වාර්තාව මේවන විට ලැබිලා තියෙනවා.

මේ පර්යේෂණය සඳහා ප්‍රශ්නගත ඖෂධ සාම්පල 200ක් පමණ යොමුකළා. ඒ පර්යේෂණයට අනුව ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් ඇති බව අනාවරණ වෙලා තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදුන් ඖෂධයේ ලුණු ද්‍රාවනයක් පමණක් අඩංගු බවත් ඒ වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම මේ ද්‍රවණ තුළ කිසිදු ඖෂධමය ද්‍රව්‍යයක් අඩංගු නෙවෙන බවත් ඔවුන් කියනවා. ඒ අනුව බැක්ටීරියාවක් වර්ධනය වුණ ලුණු සහිත ද්‍රාවනයකට තමයි ස්වාමීනි රජයේ මුදල් ලක්ෂ 1444 ක් වැයකරලා තියෙන්නේ”

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදුකළ විමර්ශනය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් බවත් ලබන සඳුදා දිනයේදී අදාළ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් එහිදී සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...