සාපෙළ සිසුන්ට මාර්ගගත සංශෝධන කිරීමේ හැකියාව 18 රෑ 12 ට අවසන්

Date:

මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය මේ වන විටත් ලැබී නැත්නම් එය මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමයට ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා.එසේම ඔහු නිකුත් කරන විශේෂ නිවේදනය යටතේ එම ප්‍රවේශ පත්‍රයේ නාම සංශෝදන,විෂය සංශෝධන හෝ මාධ්‍යය සංශෝධන ඇත්නම් https://onlineexams.gov.lk/eic හරහා එම සංශෝධන කර ගැනීමට 2018 රාත්‍රී 12 වන තෙක් පහසුකම් සපයා තිබෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

විබාග කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සිංහල මාධ්‍යයෙන් පරික්ෂා කිරීමේදී “අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2021(2022)- විභාග ප්‍රවේශ පත්‍රය” ලෙස දැක්වෙන අයිකනයෙන් ප්‍රවේශ පත්‍රය ලබාගෙන සුදුසු නිර්දේශයන්ට අනුව යමින් සහතික කරගත යුතු පුද්ගලයෙකුගෙන් සහතික කර විභාගයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.

ඉංග්‍රිසි මාධ්‍යය පරික්ෂා කරන අයෙක්ට එය “G.C.E.(O/L) Examination – 2021(2022) – Exam Admission Card” යටතේ පරික්ෂා කිරීමෙන් ද,දෙමළ මාධයය පරිහරණය කරන අයෙක්ට එම ප්‍රවේශ පත්‍රය “க.பொ.த.(சா.தர)ப் பரீட்சை – 2021(2022) – பரீட்சை அனுமதிஅட்டை” පරික්ෂා කිරීමෙන්ද ලබා ගන්නට හැකියාව තිබෙනවා.
විභාග කොමසාරිස්වරයාගේ පණිවිඩය පහත දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!

කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 693 ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති රටම...

කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන...