දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

Date:

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ ඔහු විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියා පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කළ කමිටුව ඊයේ (19) දිනයේදී සාක්ෂිකරුවන් 07 දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබිණි.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් සේනාරත්න සාක්ෂි ලබාදෙමින් පැවසුවේ 2025 පෙබරවාරි 28 වනදා සිට මාර්තු 19 වනදා දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් සැඟවී ඇතැයි සැකකෙරෙන ස්ථාන 92ක් පරීක්ෂාවට ලක් කළත් ඔහුව සොයාගැනීමට නොහැකි වූ බවයි. එසේ ස්ථාන 92ක් පරීක්ෂා කිරීම සඳහා විශාල මුදලක් වැයවන්නට ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සේනාරත්න සඳහන් කළේය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ එම කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නේය. ඔහු සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන්ගේ රියදුරු ලබාදුන් සාක්ෂියට අනුව තමන් පැලවත්ත ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කළ බවත් දේශබන්දු තෙන්නකෝන් නිල රථයෙන් පැමිණ වෙනත් ජීප් රථයකට නැඟී කොස්වත්ත දෙසට ගමන් කරනු එම දර්ශනවලින් නිරීක්ෂණය කළ බවත් ය. මේ මහින්ද රාජපක්ෂ යනු අර මහින්ද රාජපක්ෂ නොව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ උප පොලිස් පරික්ෂක මහින්ද රාජපක්ෂ ය.

මීට කලකට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් බ්‍රිගේඩියර් මහින්ද රාජපක්ෂ කෙනෙක් ද සිටියේය.

සියලු රාජපක්ෂලා අතරින් ලොකුම රාජපක්ෂ වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරළියෙන් බැහැරව පැත්තකටම වී සිටියත් ඔහුගේ නම ගෙනියන්නට මහින්ද රාජපක්ෂලා සෑහෙන තරම් සිටින බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...