ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින් ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඉතා සාර්ථක ප්‍රහාර එල්ල කළ බව එක්ස්ත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

අද(22)ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක් බවත්, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කර බවත්, ඉතිරි ඉලක්ක බොහොමයක් ඇති බවත්, සාමය ඉක්මනින් නොපැමිණියේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් අනෙකුත් ඉලක්ක වෙත හඹා යනු ඇති බවත්ය.

මේ මේ සම්බන්ධයෙන් ‘x’හි සටහනක් එක් කරමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ගේ උපදේශක මහ්ඩි මොහොමඩි සඳහන් කර තිබුණේ, ඉරානය ෆෝර්ඩෝව් වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් අපේක්ෂා කළ බවත්, ස්ථානය බොහෝ කලක සිට ඉවත් කර ඇති අතර ප්‍රහාරයෙන් ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවී නොමැති බවත්, සූදුකාරයා මෙවර පරාජයට පත්වනු ඇති බවත්ය.

කෙසේ නමුත් ඊයේ(21)දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බවට සඳහන් කිරීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරවටු කරමින් සඳහන් කර තිබුණේ, ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කිරීම වැරදි සහගත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...