අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව , අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාම සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීමට ඔවුන් දෙදෙනො විසින් රුපියල් 25,000ක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා තිබෙන අතර,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, එම අල්ලස් මුදල භාරගත් අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාව් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...