ඉන්දියානු අගමැති වෙසක් උත්සවය නිමිත්තෙන් ලුම්බිණියේ සංචාරයක

Date:

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2022 මැයි 16 වන දිනට යෙදුණු බුද්ධ පූර්ණිමා හෙවත් වෙසක් උත්සවය නිමිත්තෙන් බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණියේ සංචාරයක නිරත විය. නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙයුබා මැතිතුමාගේ ආරාධනාවක් අනුව මෝදි මැතිතුමා මෙම සංචාරයේ නිරත විය.

2.      ලුම්බිණියේ මායාදේවි විහාරයේ විශේෂ ආගමික වතාවත්වල නිරත වෙමින් මෝදි මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිය පළමු ලුම්බිණි සංචාරය ඇරඹුවේය. ඉන්දීය සහ නේපාල අග්‍රාමාත්‍යවරු දෙපළ ලුම්බිණිය බුදුන් වහන්සේ උපත ලද ස්ථානය බවට  පළමු ශෛලමය සාක්ෂිය වන ඓතිහාසික අශෝක කුළුණ දැක බලා ගත්හ.

3.      ලුම්බිණි ආරාම පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත බෞද්ධ සංස්කෘතිය සහ උරුමය පිළිබඳ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූහ. මෙම මධ්‍යස්ථානය නව දිල්ලි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට අයත් භූමි භාගයක ඉදි කරනු ලැබේ. මෙය බෞද්ධ වන්දනාකරුවන් සහ සංචාරකයන් සඳහා ධර්ම ශාලා, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාල, ප්‍රදර්ශන ශාලා, ආපන ශාලා සහ වෙනත් පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි.

4.      අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා නේපාල රජය විසින් සංවිධානය කරන ලද 2566 වන බුද්ධ ජයන්ති සැමරුම් සඳහා ද සහභාගී විය. මෙහිදී එතුමා භික්ෂූන් වහන්සේලා, සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ බෞද්ධ ලෝකය හා සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් රැසක් සහභාගී වූ උත්සවයක් ද ඇමතීය. බුදුන් වහන්සේ සමස්ත මනුෂ්‍යත්වය වටහා ගැනීමේ ප්‍රතිමූර්තියක් බව එතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

5.      බොදු හදවත් තුළ ඉන්දියාවට ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින අවියෝජනීය සබඳතාවය තුළ බුදු දහමට හිමි වන්නේ කේන්ද්‍රීය ස්ථානයකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී විය. බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර තිබෙන ශක්තිමත් සබඳතා තවත් සවිමත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර 2022 මාර්තු 28 වන දින මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. බෞද්ධ විහාරාරාම ඉදි කිරීම/නවීකරණය කිරීම, ධාරිතා සංවර්ධනය, දෙරට සර්වඥ ධාතු ප්‍රදර්ශනයන් පැවැත්වීම වැනි දේ සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම මෙම ප්‍රදානයේ අරමුණයි. බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් කුසිනාරාව වෙත ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පළමු ජාත්‍යන්තර ගුවන්යානයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි භික්ෂූන් වහන්සේලා රැසක් ද වැඩම කළහ.

***

කොළඹ

2022 මැයි 17

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...