‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?

Date:

ද පස්වරුව වනතෙක් ඛනිජ තෙල් සංස්ථාවෙන් පෙට්‍රල් තොග නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව පැය ගණන්, ඇතැම් විට දින ගණන් පෝලිම්වල රැඳී සිටී. ඔවුන් එසේ පෝලිම්වල රැඳී සිටින්නේ කුමන මොහොතක හෝ තෙල්, ගෑස් පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

ඇතැම් විට ජනතාව ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන්නේ ඉන්ධන අවසන්වීමට ආසන්න වනවිටයි. බොහෝ අවස්ථාවලදී ඔවුන්ට නිවසට යාමට හෝ ඉන්ධන නොමැත.

එසේ තිබියදී ඉන්ධන ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඉන්ධන පැමිණෙන වෙලාව පිළිබඳව හෝ ඉන්ධන පෝලිම්වලට පැමිණිය යුතු වෙලාව දැන්වීමට ඇමතිවරයෙකු සිටිය යුතු නැත. එම කාර්යය සිදු කිරීමට තෙල් සංස්ථාවට හෝ අමාත්‍යංශයට මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සිටීම පමණක් ප්‍රමාණවත් වේ.

ඇමති මණ්ඩලය හිස්ව තිබියදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට කඩිමුඩියේ ඇමතිවරයෙකු පත්කර තිබෙන්නේ එය අත්‍යවශ්‍ය හා අනිවාර්ය කාර්යයක් වන හෙයිනි. එනිසා නිවේදන නිකුත් කරන, ප්‍රකාශ නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශකවරයෙකුගේ භූමිකාවෙන් ඉවත් වී ඉන්ධන අර්බුදය විසඳා ජනතාවට සහන සැලසීම සිය කාර්යභාරය බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා තේරුම් ගත යුතුය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...