ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

තම “ටෲත්” සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති “දින 12 යුද්ධය” ඉදිරි පැය 24 තුළ නිල වශයෙන්ම අවසන් වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.