ඔමික්‍රෝන්වලින් බැටකන ඇමරිකාවට අධික හිම පතනයක් – ගුවන් ගමන් 2500 ක් අවලංගුයි

Date:

ඊයේ දිනයේදී ලොවපුරා ගුවන් ගමන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය මෙන්ම රටවල් රැසකට බලපෑ අධික හිමපතනයද මේ සඳහා හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ඊයේ අවලංගු කර ඇති ගුවන් ගමන්වාර ප්‍රමාණය 2500 කට අධිකය. මින් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වන්නේ චිකාගෝ ප්‍රාන්තයෙනි.

නත්තල් සහ නව වසර සැමරීම සඳහා සංචාරවල නිරතව සිටි ඇමරිකානුවන් රැසක් මේ නිසා පීඩාවට පත්ව තිබේ. අද දිනයේදීද ගමන් වාර බොහෝ ප්‍රමාණයක් අවලංග කිරීමට සිදුව ඇති බවයි ඇමරිකානු යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම ඇතුළු ගුවන් සමාගම් පවසන්නේ.

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග මේ වනවිට ඇමරිකානු කලාපයේ සහ යුරෝපා කලාපයේ රටවල් රැසකින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ප්‍රංශයෙන් 120,000 කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙද්දී ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය යන රටවලින්ද ලක්ෂය ඉක්මවන ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ගුවන් සමාගම්වල සේවකයන් රැසක් ආසාදිතයන් ලෙස වාර්තා වීම මෙන්ම තවත් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන් එම සමාගම්වල දෛනික කටයුතු ඇණහිට තිබෙනවා.

ඇමරිකාව ඇතුළු රටවල් රැසකට අධික හිමපතනයක් වාර්තා වී ඇති අතර මෙයද ගුවන් ගමන් අත්හිටුවීම සඳහා දැඩිලෙස බලපා ඇත.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා සිට මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදය තුළ අත්හිටුවා ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව 12,000 කට අධික බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...