විදෙස් රැකියා ලබාදෙන බවට පවසා බොරු කියලා : රුපියල් කෝටි 05ක් වංචා කරලා

Computer generated 3D photo rendering.

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්, මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කිරුලපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම පිළිබඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් සිදු කරනු ලබයි.