යටගිය අලියා යළි ගොඩ ගනී !

Date:

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මොරටුව මහේස්ත්‍රාත් තිලින ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබේ.

ඒ, අනීතික ලෙස අලි පැටවෙකු තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

එම චෝදනා පත්‍රයේ සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවන ලදී.

මේ අතර, ආරංචිමාර්ග පැවසුවේ මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්කිරීම සඳහා මෑතකදී සකස් කෙරුණු මහේස්ත්‍රාත්වරුන්ගේ නම් ලැයිස්තුවෙහි ද තිලින ගමගේගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...

ප්‍රංශ නිළි රැජිනකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...