සොනාල් පන්දුවෙන් සිය තේරීම සාධාරණය කරයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW:

සිය මංගල ටේස්ට් තරගයට සහභාගි වන සොනාල් දිනූෂ සිය තේරා ගැනීම පිළිබඳව සාධාරණය ඉටු කරමින් බංගලාදේශය එරෙහිව පළමු දිනය නිමාවන විට කඩුලු දෙකක් ලබා ගන්නට සමත් වුණා.ඔහු හමුවේ දැවී ගියේ බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් මුෂ්ෆිකර් රහීම් සහ හොඳ ඉණිමක් ක්‍රීඩා කළ ලිටන් දාස් වීම කැපී පෙණුනා.


පන්දු ඕවර් 9 ක් යවමින් ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගත් සොනාල් මෙන්ම වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාද පිළිවෙළින් ලකුණු 43 ට සහ 35 ට කඩුලු දෙක බැඟින් දවා ගන්නට සමත් වුණා.තරිඳු රත්නායක සහ නායක දණංජය ද සිල්වා එක කඩුල්ල බැඟීන් දවා ගනිමින් දිකය අවසාන වන විට බංගලාදේශය කඩුලු 8 ට ලකුණු 220 ක රඳවා තබන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.


තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුණානම් බංගලාදේශය සියලු දෙනා දැවී යාමට ඉඩ තිබුණා කියන කාරණය වගේම වර්ෂාව නිසා වෙනස් වුණ පාරිසරික සාධක නොවන්නට බංගලාදේශය මීට වඩා හොඳ තත්ත්වයකින් තරග කරනු ඇතැයි ද සිතිය හැකියි.එහෙත් බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ පන්දු රැකීම හොඳ මට්ටමක තිබුණානම් බංගලාදේශය අද දිනය නිමා වන විට සියලු දෙනාම දැවී ගොස් හමාර වන්නට තිබුණා කියන වැරද්ද ශ්‍රී ලංකා පන්දු රැකීමට පැවරෙනවා.එය තනිකරම ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත යුතු තමන්ගේ දෝෂයක් යන්න පිළිබඳව කල්පනා කළ යුතු වෙනවා.


හෙට දවසේ දී ප්‍රනාන්දු යුගලයට එස්එස්සී පිටියෙන් ලැබෙන දෝලනයත් සමඟ බංගලාදේශ පිතිකරුවන් වැඩි වේලාවක් ක්‍රීඩා කරනු ඇතැයි සිතන්නට බැහැ.එහෙත් සියල්ල දවා ගැනීම වගේම දඟ පන්දුවට සහ වේග පන්දුවට මිශ්‍ර පල දෙමින් තිබෙන එස්එස්සී තණතීරුව තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් කල්පනාකාරී විය යුතු වෙනවා.මේ වන විට පළමු ටෙස්ට් තරගයට වඩා පන්දු රැකීම හැරුණු විට සෑම අංශයකින්ම බංගලාදේශ ඉණිම පාලනය කරමින් සිටින ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේදී ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අනුව තරගය ජය ගැනීමට හැකි වාතාවරණයක් සකසා ගැනීම තීරණය වෙනවා.සිව්වන ඉණිම වන විට තව දුරටත් පන්දු යවන්නන්ට වාසි දායක විය හැකි බවත් දැනටමත් සංඥා කරන තණතීරුව තුළ පළමු ඉණිමේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.


කිසිඳු අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණ බංගලාදේශ ඉණිමේ තරගයේ පළමු දිනය නිමාවන විට පැවති ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකියි.
https://bit.ly/3TubE7H

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...