කෙන්යාවේ රජයට එරෙහිව තරුණයන් විසි බසියි; අට දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ රජයට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතා සංවත්සර සැමරුම සඳහා පැමිණි තරුණ පිරිස රාජ්‍ය හමුදා මර්ධනය කිරීම හේතුවෙන් අට දෙනෙකු වෙඩි වැඩි මියගොස් ඇති අතර 83 දෙනෙකු බරපතර තුවාල ලබා තිබේ.

2024 වසරේ රජය විසින් බදු වැඩිකිරීම සඳහා ගෙන එන ලද මතභේදාත්මක පනතක් හේතුවෙන් නයිරෝබි අගනුවර, මොම්බාසා වෙරළබඩ නගරය සහ අනෙකුත් නගරවල දහස් ගණනක් ජනයා පෙළගැසීම විරෝධතාවයන් මුලින්ම ඇති වූ අතර රජයේ මර්ධනය හේතුවෙන් 400ක් පමණ තුවාල ලැබූ අතර රට තුළ පැවති විරෝධතාවයන් හේතුවෙන් රජයට පනත අකුලා ගැනීමට සිදු විය.

ඊයේ(25) ආරම්භ වූ තරුණයින් විසින් මෙහෙයවන ලද පාගමනේ විරෝධතා සජීවීව විකාශනය කිරීම නවත්වන ලෙස රජයේ නියාමකයා වන කෙන්යාවේ සන්නිවේදන අධිකාරිය රටේ සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානවලට නියෝග කර තිබුණු අතර පෙළපාලි මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජාල තුවක්කු භාවිතා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...