ට්‍රම්ප් එළඹෙන සතියේ ඉරානය සමඟ සාකච්ජා අරඹයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ ඉරානය දෙවන දිනටත් සිය මතභේදාත්මක සටන් විරාමය ක්‍රියාත්මක කරමින් සිටින විට ඇමරිකාව හා ඉරානය එළඹෙන සතියේ සාකච්ජා මේසයට යනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ඊයේ(25)දිනයේදී නේටෝ සමුළුවේදී ප්‍රකාශ කර තිබු අතර ඉරානය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමා විශේෂයෙන් උනන්දු නොවන බවත්, එක්සත් ජනපද ප්‍රහාර එහි න්‍යෂ්ටික වැඩසටහන විනාශ කර ඇති බවත් මෙහිදී අවධාරනය කර තිබිණි.

කෙසේ නමුත් ලබන සතියේ සිදුවන කිසිදු සාකච්ඡාවක් ඉරානය පිළිගෙන නොමැති අතර එක්සත් ජනපද මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා ඇත්තේ රටවල් අතර වක්‍ර සන්නිවේදනයක් ඇති බවයි. මේ මස මුලදී ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද-ඉරාන සාකච්ඡාවල හයවන වටය, ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් පසු අවලංගු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය...

ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ...

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...