මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ අරමුණින් චීන – ශ්‍රී ලංකා ගිවිසුමක් අත්සන් තැබේ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

ජනාධිපතිවරයා විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර දී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට අනුව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය දා අනුමත කෙරිණි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම ඊයේ (25) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් තැබුණු අතර එය 2026 වසරේ ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ද සෘජුව දායකත්වය සපයන්නකි. මෙම ගිවිසුම අත්සන් කිරිමේ අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් Zhang Guanbin මහතා, නියෝජ්‍ය අංශ ප්‍රධානි Hao Jinping මහත්මිය, ව්‍යාපෘති නිලධාරි Don Yixuan මහතා, චීන තානාපති කාර්යාලයේ නිලධාරින් සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...