බල්තසාර්ගේ පළමු රැස්වීමට බාල්දියක් පෙරළෙයි!

කොළඹ LNW:නගරාධිපති පත්කර සභාවේ බලය පිහිටුවීමෙන් පසු කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීම අද (25) කැඳවා තිබුණි. ඒ අනුව සභාව රැස් වූ නමුත් එම න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10 කට කල්තැබීමටට නගරාධිපතිනි වුායි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය කටයුතු කර තිබුණි.

මහ නගර සභා අඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය දින 4කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බවට සමඟි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා සභාව දැනුම් දී එය නීත්‍යානුකූල නොවන හෙයින් ඔහු ඊට විරෝධය දක්වා ඇත.

අනතුරුව එය වැරැද්දක්ද නොවේද යන්න පිළිබඳව බෝගාවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් විවෘත සභාවේදී විමසා ඇත.

ඒ අනුව නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා එය වැරැද්දක් බව පිළිගෙන තිබුණු අතර මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවත් විවෘත සභාවේදී ප්‍රකාශ කර තිබේ.

ඉන්පසුව නැගී සිටි සමග ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණේ මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත්කළ හොත් එම කමිටු නීති විරෝධී ඒවා වන බවයි.

ඒ අනුව සභාව කල්තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස මහේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් යෝජනා කළේය.

මෙම අවස්ථාවේ නැගී සිටි උප නාගරාධිපති හේමන්ත කුමාර මහතා පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි.

එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනිය සභාව විනාඩි දහයක් කල් තැබීමට කටයුතු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...