ජම්බෝ රටකජු ගොවීන්ගේ දරුදැරියන් සවිබලගන්වන ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියර මහියංගණය – රිදීමාලියද්ද ගම්මානයේදී

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම රිදීමාලියද්ද මහවැලි අධිකාරිය සමඟ එක්ව සංවිධානය කරන ලද සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය හා එක්වී සිටින දේශීය ජම්බෝ රටකජු ගොවි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාදීමේ ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියර මහියංගණය – රිදීමාලියද්ද මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී ඉකුත්දා සිදු කෙරිණි.

‘ස්කෑන් ජම්බෝ පීනට්’ සැකසීම සඳහා එම සමාගමට දේශීයව ජම්බො රටකජු සපයන ගොවි පවුල් සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ලෙස ‘ස්කෑන් දරු දිරිය’ ව්‍යෘපෘතියෙහි දෙවන අදියර ආරම්භ කෙරුණේ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/සමූහ මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කිරීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ආයතන සමඟ මින් පෙර එළඹුණු හවුල්කාරීත්ව ගිවිසුමට සමගාමීව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

ආනයන ආදේශකයක්, විදේශ විනිමය ඉතිරි කිරීමේ මාර්ගයක් හා අගය එකතු කළ නිෂ්පාදන දාමයක් ලෙස ‘ස්කෑන් ජම්බෝ පීනට්’ දේශීය සහ විදේශීය වෙළෙඳපොළ තුළ අද්විතීය ස්ථානයක් හිමිකොට ගෙන ඇත.

සිය නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් සපයන පිරිස වෙනුවෙන් එම ව්‍යාපෘතිය හා බැඳී සිටින මහියංගණය – රිදීමාලියද්ද ගම්මානයේ ගොවි පවුල් 75කගේ ජීවනෝපායට අත්වැලක් සලසමින් ඔවුන්ගේ දරුවන් 100 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ‘ස්කෑන් දරු දිරිය’ ව්‍යාපෘතියෙහි දෙවන අදියර යටතේ අපේක්ෂා කෙරේ. මේ තුළින් එම දරු දැරියන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් බෑග් ආදී අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමීම ද සිදු කෙරිණි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/සමූහ මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා පැවසුවේ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ස්කෑන් ජම්බෝ පීනට් සන්නාමය ඉහළින් ඔසවා තැබීමට ජම්බෝ රටකජු සපයන ගොවීන් හා කෘෂි ව්‍යවසායකයන් වෙනුවෙන් ඔවුන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරමින් ඔවුන් ශක්තිමත් කිරීමට හා ජීවන තත්ත්වය උසස් කිරීමට ඉදිරියේදීත් තම සමාගම කැප වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

ජම්බෝ පීනට් ආනයනයට විකල්පයක් ලෙස තම නිෂ්පාදන සඳහා දේශීයව වගා කෙරෙන ලංකා ජම්බෝ පීනට් යොදා ගැනීමෙන් මෙරට මුදල් විදේශයන් වෙත ඇදී යෑමෙන් වැළකෙන බව ද ඔහු සඳහන් කළේය. අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව ඍජුවම ගොවීන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීමට මේ හරහා අවකාශය සලසා ඇති නිසා ඔවුන්ගේ අස්වැන්නට නිසි මිලක් ලබාගැනීමට හැකියාව ඇති බව ද මංගල පෙරේරා මහතා අවධාරණය කළේය.

මහියංගණය රිදීමාලියද්ද ගම්මානයේදී ආරම්භ කෙරුණු ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියරට එක්ව සිටි ඒ අවට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් සඳහන් කළේ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධ ස්කෑන් ජම්බෝ පීනට් සන්නාමය සිය අස්වැන්න සඳහා වෙළෙඳපොළ සැබෑ වටිනාකමක් ලබා දුන් බවය. තම අස්වැන්නට නිසි මිලක් ලබා දෙමින් වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ, පොහොර ආදිය මෙන්ම අවශ්‍ය තාක්ෂණික උපදෙස් පවා ලබා දෙමින් තමන් නඟාසිටුවීමට ශක්තිමත් අත්වැලක් සැපැයීම පිළිබඳව ඔවුහු මෙහිදී සිය කෘතවේදීත්වය එම සමාගමට පළ කළහ.

ඡායාරූප විස්තරය

ඡායාරූප 01: අධ්‍යක්ෂ/සමූහ මෙහෙයුම් නිලධාරි මංගල පෙරේරා මහතා විසින් පාසල් උපකරණ පිරිනමන අවස්ථාව

ඡායාරූප 02: මෙම අවස්ථාවට සහභාගි වූ පාසල් උපකරණ කට්ටල ලබාගත් දරු දැරියන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...