ආණ්ඩුව තොග රැස් කරගෙන ලබන සතියේ ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ – ආනන්ද පාලිත

Date:

ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඉන්ධන තොග රැස් කරගෙන ලබන සතියේදී ඉන්ධන මිල ඉහළ නැංවීමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“ඊයෙ (19) බලශක්ති ඇමතිතුමා මාධ්‍යට ප්‍රකාශ කළා ඩොලර් මිලියන 37ක් ගෙව්වා, ඒ නැව හරියි කියලා. අනිත් නැව් ගැන කතා කළේ නෑ. සෙනසුරාදා ඉරිදා පෝලිම්වලට එන්න එපා කිව්වා. නමුත් දැන් ඉන්ධන සීමාවකින් තොරව දෙන්න පුළුවන් ඩීසල් දිනකට මෙට්‍රික් ටොන් 6000ක් නිකුත් කරන්න, පෙට්‍රල් උපරිමය 5000ම නිකුත් කළොත් උපරිමය දින තුනක් ඇතුළත මේ පෝලිම් සම්පූර්ණ නැති කරන්න පුළුවන්. තෙල් හිඟයක් එන්නෑ ජුනි මාසෙ 17, 18 වෙනකල්. තව 22 එන පෙට්‍රල් නැව නිසා තවත් නැවක් එනවා ඩීසල්. ඇතිවෙන්න දැන් තොග තියෙනවා. දින කියන්න එපා මිනිස්සුන්ට අර දිනේ, මේ දිනේ කියලා. සියලුම තොග නිදහස් කළොත් වගකීමකින් කියනවා දින තුනකින් පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් පෝලිම් නැති කරන්න පුළුවන්, ඇති තරම් ඉන්ධන තියෙනවා. ඉන්ධන නිකුත් නොකර පෝලිමේ ඉන්නවා කියන්නෙ ආණ්ඩුව ඉන්ධන තොග රැස් කරගෙන ඉන්ධන මිල ලබන සතියේ වැඩි කරන්නයි යන්නෙ”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැන සොඳුරු මතකයක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර...

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...