CIDය පොලිස්පතිගෙන් සහ STF අණදෙන නිලධාරියාගෙන් ප්‍රකාශ ගනී

0
396

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පොලිස්පතිවරයාගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ඒ, පසුගිය මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි.

මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම පසුගිය නඩු වාරයේදී කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබිණි.

RN