අලුත් මාවතකට පිවිසෙමුද ?

Date:

මැයි 9දා වෙච්ච දේ අපි ඔක්කොම දැක්ක වගේම අපි ඒව කවදාවත් අනුමත කරන්නේ නෑ. ඒව අනුමත කරන්නත් එපා. දැන් කොච්චර කතාකරත් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. කවුද හරි කවුද වැරදි කිය කිය හිටියොත් අපිට වෙන්නෙ පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහත්තය කිව්ව දේට යන්න . ඔහු කිව්වෙ වැරදි හොයනවනම් විජය රජ්ජුරුවො ආපු දවසට ආපහු යමු කියල.

දැන් අපි කල්පනා කරන්න ඕනෙ අපි මින් ඉදිරියට යන්නෙ කොහොමද? යන්නෙ කොහාටද? කවුද යන්නෙ ? කියන කාරණා මිසක් කවුද හරි, මොකක්ද හරි කියල හොය හොය ඉන්න එක නෙමේ කියල අපි විශ්වාස කරනව. අපි හැමදාමත් කිව්වෙ වෙන ඕනම දෙයක් රටේ ව්‍ය්වස්තාවට අනුව වෙන්න ඕනෙ කියල. එදා ප්‍රේමදාස ජනාධිපති ඝාතනය වෙලා පැයක් දෙකක් යනකොට ඩී බී විජේතුංග රටේ ජනාධිපති වුණා. ඒවෙලාවෙ රටේ බලයෙ හිස්තැනක් තිබ්බනම් රටම ලේවිලක් වෙන්නත් ඉඩ තිබ්බ .

විවිධාකාර පීඩන හින්ද රටේ ජනතාවගෙ නැගිටීමක් වෙලා තියෙනව කියන එක පැහැදිලියි. කවුරු කොහොම කවදා බලය ලබාගන්න උත්සහකරනවනම් වෙන්න ඕනෙ ව්‍ය්වස්ථානුකූලව කියල තමා අපි හැමදාම විශ්වාස කරේ. අපි හෙටත් විශ්වස කරන්නෙත් ඒකම තමා.

තව මාස කීපයකින් මැතිවරණයක් එනව. අන්න එදාට ප්‍රජන්ත්‍රවාදීව චන්දෙ ඉල්ලල බලය ලබාගන්න පුළුවන් කෙනෙක් බලය අරගෙන පෙන්නල රට පාලනය කරන එකට අපි කාටවත් විරුද්ද වෙන්න බැරිවෙයි.

අනුර කුමාර, සජිත් වගේම රනිල් ඔය ජනාධිපති පුටුවෙ අද හිටියත් අපි දරන්නෙ මේමතයම තමා. මොකද රටේ ව්‍යවස්තාව එක්ක කවුරු සෙල්ලම් කරත් විදවන්නෙ ජනතාව හින්ද.

  • උපුල් දේවප්‍රිය facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...