ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !

Date:

වත්මන් පාලනය යටතේ ජනතාවට ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතැම් පුද්ගලයන් අයුතු ලෙස භාවිතා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එවැනි කඩාකප්පල්කාරීන් පතුරුවන අසත්‍ය ප්‍රචාර පිළිගැනීමට රටේ බහුතර බුද්ධිමත් ජනතාව සූදානම් නොමැති බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අයුතු ලෙස භාවිතා කිරීම සාධාරණ නොවන බවද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි. බහුතර ජනතාවගේ කැමැත්තෙන් ලබාගත් තනතුරු අතහැරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමරිකානු සංචාරය නිමවා යළි පැමිණීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් සමු ගන්නා බවත්, බැසිල් රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවත් වාර්තා වී තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...