අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

Date:

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා අලින්ට ගමන් කිරිමට හැකිවන අන්දමින් අලිවැටට සමාන්තරව දෙහිගම ඇතුලු ගම්මාන රැසක් අවාර්ණය වන පරිදි අලිවැටක් ඉදිකර අලි කොරිඩෝවක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබේ.

මාදුරුඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා 2021 වර්ෂයේදි කිලොමිටර් 15ක අලිවැටක් ඉදිකිරිමට යොජනා වී තිබුණු අතර එම අලිවැට අරළුපිටිය හරහා කිලෝමිටර් 10ක් ඉදිකරන විට දෙහිගම ගම්වාසින් විසින් ඊට විරෝධය එල්ල කිරීම හේතුවෙන් අලි වට ඉදිකිරිම නතර විය.

මෙම අලිවැට නිසා තම ගම්මානවලට වන අලි පැමිණෙන බවටයි එම ගම්වාසීන් පෙන්වා දී තිබුණේ.

ඒ අනුව ජාතික ජනබල වේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා පසුගිය 28 වැනිදා මෙම ප්‍රදේශයේ ‌ නිරික්ෂණ චාරිකාවකට සහභාගීවී තිබුණු අතර එම අලිවැට නැවත ඉදිකිරිම සදහා අදාල නිළධාරින් සමග සකච්ඡාවක් පවත්වා තිබේ.

දෙහිගම ,ඇකිරියම්කුඹුර ,අරළුපිටිය යන ගම්මාන වල ගම්වාසින් හා රාජ්‍ය නිළධාරින්ගේ අදහස් හා යෝජනා අනුව මෙම අලිවැට පෙර සැලසුම් කළ ආකාරයට ඉතිරි කිලෝමිටර් 5 ඉදිකීරිමටත් ඉන් අනතුරුව අලි කොරිඩෝවක් ලෙස මාදුරු ඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා අලින්ට ගමන් කිරිමට හැකිවන අන්දමින් මෙම අලිවැටට සමාන්තරව දෙහිගම ඇතුලු ගම්මාන රැසක් අවාර්ණය වන පරිදි අලිවැටක් ඉදිකර අලි කොරිඩෝවක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිළධාරින් හා දේශපාලන අධිකාරියේ ඒකකතාවයට අනුව ගම්වාසින්ගේ ද කැමත්ත ලැබී ඇත.

ඉදිකිරිමට යෝජිත අලිකොරිඩොව මගින් රිදිමාලියද්ද දෙහිගම,පෙතියාගෙඩ යල්වෙල ,මොරාණ ,ඇකිරියම්කුඹුර,අරළුපිටිය යන ගම්මාන ඇතුළු ගම්මාන රැසකට බලපා ඇති වන අලි හානි සම්පුර්ණයෙන්ම අවම කිරිමට හැකි බව සඳහන්.

මෙහිදි දැනට අතරමග නවතා දමා ඇති අලිවැට කඩිනමින් ඉදිකිරිමටත් අලි කොරිඩෝව සදහා අනිත් පස අලිවැට මැණිම්ක ටයුතු සිදුකරන ලෙසත් සුදත් බලගල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම අවස්ථාවට රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්ණ, මිණිපේ වන ජිවි අඩවි නිළධාරි සමීර බණ්ඩාර,ඇතුලු රාජ්‍ය නිළධාරින් සහ ප්‍රාදේශිය දේශපාලකයින් ඇතුලු ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද එක්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...