ආගමික සහ වාර්ගික සුළු ජාතීන්ට සිදුවන හිංසනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා බංග්ලාදේශයේ විරෝධතා!

රෂිකා හෙන්නායක ජූනි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බංග්ලාදේශය තුළ ආගමික සහ වාර්ගික සුළු ජාතීන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් ,බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමගි සභාව, සුළුතර එකමුතු පෙරමුණ සහ බංග්ලාදේශ පූජා සැමරුම් සභාව විසින් ඩකා පුවත්පත් සමාජය ඉදිරිපිට සහ රට පුරා විරෝධතා පාගමනක් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් රජයට බල කර සිටියේ, ඩකාහි කිල්කෙට් ප්‍රදේශයේ, ඛිල්ඛෙට් සර්බජානින් දුර්ගා දේවාලය බුල්ඩෝසරයකින් කඩා බිඳ දැමීම, ලාල්මොනිර්හත්හිදී, අඩු ආදායම්ලාභී පවුලක පියෙකු සහ පුත්‍රයෙකු ‘ආගමට අපහාස කිරීමේ’ බොරු චෝදනාව මත පහර දී පොලිසියට භාර දීම වැනි සිදුවිම් සඳහා සොයා බලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසයි.

විරෝධතාවයට සහභාගී වී සිටි සිවිල් සංවිධානවල සාමාජිකයින් රජයට දැඩි ඉල්ලීම් කළේ ඒ පිළිබඳ වහා පියවර ගන්නා ලෙසයි.

Khilkhet හි විහාරස්ථානය වහා ප්‍රතිනිර්මාණය කිරීම, කඩා බිඳ දැමීමට වගකිවයුත්තන් හඳුනාගෙන දඬුවම් කිරීම සඳහා විමර්ශන කමිටුවක් පිහිටුවීම, Lalmonirhat හිදී අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් වහා නිදහස් කරන ලෙසත්, ආගමික සහ වාර්ගික සුළු ජාතීන්ට සිදුවන හිංසනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...