ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැන
දහසක් රහස් සඟවා ගත් මුහුද ගැන
කුමරුන් කුමරියන් සහ සුරඟනුන් ගැන
ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

බෝලය රැගෙන කෙළි සෙල්ලම් තලා පිට
තාලය රැකන් ගී ගයමින් නටා සිට
කාලය එකවරම ඇද වැලිතලා යට
ලීලය නුඹ සැඟෙව් කියනුව හැකිද මට ?

අකුරට යන්න හැකිවිණි නම් මෙතෙක් ඔයා
කොතරම් දෑ ඉගෙන ගයි දැයි කරුණු කියා
විමසූ විටදි ඔහු ලොව කුරුසයක තියා
ඇසුවා අප උගත් පාඩම් ඇතිද කියා

වරදට නිවරදට තේරුම් ඇතිද ලොවේ
දරු දුක කාගෙමුත් කොයි හදවතක දැවේ
සිරුරක ඇටසැකිල්ලක රුව දෑසෙ කැවේ
මරණය වුවත් යුක්තිය නැති තරම් නොවේ

රිලවුන් මුවන් දඬුලේනුන් ගණින දින
උන් දූපතක ලන සැලසුම් හදන තැන
දෑ රස්සාව දත් උතුමණි බංකු ගෙන
දරුවන් හොරා කෑ වලසුන් කියන මැන

~ රුවන් නෙලූ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...